දන් දුන් ලේ බිඳුව

මියැදෙන හදකට ජීවය දෙන්නට
හැකිය මා හට උදව් වන්නට
සිතා සිටිමින් කල් ගෙවන විට
ලැබුණි පණිවුඩයකිය මා හට

නියම කරගත් දිනය
ලේ බිඳක් දන් දෙන්න
ළඟාවන විටදී මගේ
සිත කියයි දිව යන්න

මාස සති දින ගණන්
ගෙවී ළංවුණි එදින
උදෑසන අවදි වී
ගියෙමි හනි හනිකටම

පිරී ඇත ජනකාය
ලේ බිඳක් දන් දෙන්න
කළමනාකරණ
කටයුතු ද සූදානම්ව
ඇති හෙයින් ගොසින්
වැතිරුණේ සයනයක් මත
මගේ රුධිරය බිඳක්
ගලා ගියෙ නලයකට

සුසුම්ලා නැගිට ගියෙ
ජීවයක් ලැබුමකට
කළ පරිත්‍යාගය
ගැන සිතා තුටුවන්න

ඩබ්ලිව්. ඩි. දිනිති සුකල්ෂනා – බ්‍රැන්ඩික්ස් රඹුක්කන  ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *