ගිනිහල් ගේ ගිනි කාගෙන වෙහෙසට නෙත් රතු වුනාද
දුහුවිලේ රුදු පහරට මැලවුණු ගත වියැලුනාද
පවනැල්ලේ අතුරාගෙන දරු සෙනෙහස පුද කළාද
අරුණැල්ලේ මල් සුවඳට මව් සෙනෙස වියැකුනාද
රතු පලසේ උඩු වියනේ
සිවු මන්දිර අතර ඇදී
කෙළ මඬලේ අහස් ගැබේ
පිබිදෙන තරු අතර රැඳී
මව් සෙනෙහස මිල කළාට
දරු කැල රජකමට බැඳී
උණුසුම් සිත තවමත් ඇත
ඇගේ ළඟ දරු පෙමට බැඳී…
රස මසවුලු රන් කහවනු
ඇගේ සිහිනෙක නැතුව ඇති
සිත් අහසේ අඳුර පුරා
දරු සෙනෙහස තවම ඇති
මහලු මඩමේ අහස් කුසින්
මළ හිරු බැස යන්න ඇති
රජ මැදුරේ උඩු වියමනට
හිරු දුර වෙන්න ඇති
ඩබ්ලිව්. ඒ. චතුරිකා දුලාංජලි සමරවික්‍රම – බ්‍රැන්ඩික්ස් නිවිතිගල ආයතනය