අනිත්‍යය

සුපිපුන මල වෙතට
බඹර කැල විත්
රඟති වට කොට…
පරවුන මල ළඟට
නිල මැස්සෙකුවත්
නොඑයි තනියට…
සුනිල වූ දියවරට
කවි ගී අපමණකි කවියෙකුට…
මඩව බොර වූ දාට
කෙනෙකු නැත
කෙල පිඬක් හෙලුමට…
රුව පැහැ ඇති ළඳට
උපමා කොතරම්ද කෙනෙකුට…
පසට මුසුවුන දාට
එහි අගය දැනෙනුයේ
පනුවාට…

මල්මී පබසරා – කැෂුවල්වෙයා(ර්) රත්මලාන ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *