රණ්ඩු වී යාලු වී සිට්යමුත් අපි එකට
සතුටිනුයි මා සිටියේ මුලු ලොවක් ලැබුණු ලෙස
නුඹ සමඟ එකතු වි යන ගමන සුන්දරය
මැව්වා මං නොකීවට නුඹ එක්ක පෙම් සිහින
ගඟ වුණත් ලස්සනයි ගල් ගොඩැලි තිබෙන විට
ප්‍රශ්න මැද වුණත් අපෙ අතීතය සොඳුරු විය
අඩුපාඩු තියෙන්නැති මගෙත් නුඹ නොකිව්වට
වැරදියි ද එතරම්ම යන්න වෙන හිතක් වෙත
මේ භවයේ සිටම මගේ මුලු සංසාරේ පුරාවට
පැතුවේ මං නුඹවමයි යන්න අත් පටලගෙන
ඒත් මං නුඹේ හිතේ තවත් එක් පැත්තක
සිටිනවා තව කෙනෙක් සිතුවේ නෑ ඇත්තටම
මේ භවයේ විතරක්ම වෙන කෙනෙක්ගේ වෙන්න..
කමක් නෑ බෑ බලෙන් මට ආදරේ අරගන්න…
ඒත් මගේ පෙම්වතා ඔයාමයි පිළිගන්න..
එපා මට තව කෙනෙක් මේ භවයේ ළං වෙන්න..
කරපු පව් මැකෙන්නට තවත් අපි පිං කරමු..
මතු භවයේ සතුටින්ම එක්වෙන්න අපි පතමු..
දෙදෙනෙකු වුණත් අපි එකම සිතකින් බැඳෙමු..
තුන්දෙනෙක් එපා අපි දෙන්නා එක්කෙනෙක් වෙමු..
පවිත්‍රා දුලාංජලී – කැෂුවල්වෙයා(ර්) රත්මලාන ආයතනය