දුරක් ගෙවා එන්නෙමි මම කාසි පනන් සොයා ගන්න
වයසට යන කලකදි නැහැ කාටත් කරදර කරන්න
පාන්දරම අවදිවෙලා රස බොජුනක් උයා ගන්න
දක්ෂයි මම හැමදාමත් පැවරුන වැඩ නිම කරන්න
එදා අපේ මුතුන් මිත්තන් දෑතින් වැඩ කෙරුවා
පාන්දරම අවදි වෙලා කෙත් යායේ සිටියා
ලෙඩක් දුකක් කොහෙත්ම නැහැ රන් දහඩිය හෙලුවා
ගොයම් කපා බත රස කර අපි කාටත් බෙදුවා
හැඩට වියන ඇඟලුම් ගැන සතුටින් පවසන්නේ
සාරධර්ම පිළිවෙලටයි මේ හැම සිදු වන්නේ
උදේ ඉඳන් රෑ වන තුරු ඇගලුම් නිම වන්නේ
නිම කරනා ඇඳුම් නිසයි ජීවිත අපේ සරු වන්නේ
කඩි රෑනක් විලසින් අපි සැමදා වැඩ කරමු
උල්පත ලෙස රන් කහවනු එක්රැස් කර ගනිමු
බුදු බණ ලෙස අනත සුඛන් ජීවිත කල් ගෙවමු
නිරෝගි සුව ලැබ සතුටින් සැමදා වැඩ කරමු
කාන්ති අයිරාංගනී – බ්‍රැන්ඩික්ස් සීදූව ආයතනය