කොරෝනා දැන් ඇති

හීනෙන්වත් නොසිතුව                             වෙලාවට
නුඹ ඇවිදින් අපෙ ජීවන                            රටාවට
ඉන්නට උදා එක්තැන්වී                            ගෙදරටම
කවදා ද යන්නේ සැනසුම දී                        ලෝකයට

සොබා දහම දුන්නු හිරිහැර                        ලෝකයා
වන සතුන්ටත් පරිසරයටත් හිංසා               කළා
දුන්දු දඬුවම හිතාගන්නත් බැරි                   උනා
කොරෝනා නුඹ දුන්නු දඬුවම වැඩිද           මන්දා

මිනිසාගෙන් ගිලිහුණු ඒ                           විනය
දඬුවම් ලබාදී නැවතත් ගෙන දුන්                විනය
ලෝ මනුසතුන්  හට දී සැනසුම්                   සුවය
දැන් ඇති යන්න ලෝකයට නොවී කොඩි    විනය

එස්. පි. නිශාන්ත පත්මසිරි පතිරාජ –  බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *