කොරෝනා පරදන්න එකට එක්වී යුතුකම් ඉටු කරමු

කෝකිල නාදය අතරින්
කජු නාඹර ඵල තුරුඟින්
වසත් සමය පැමිණි මගින්
ආවේ මරුවා එසැනින්

මිනිසුන් ගෙට කොටු වුණා
වන සියොතුන් ඉගිලුනා
පරිසරයම හැඩ වුණා
ලොව එක තැන නැවතුණා

දුසිරිත් ගති අඩු වුණා
මිනිසත්කම් වැඩි වුණා
රෝගය බොහො පැතිරුණා
පිරිසිදුකම වැඩි වුණා

නීති රීති වැඩි වුණා
සමහර ගම් තනිවුණා
මිනිසුන් බොහො මියැදුණා
මුළු ලෝකෙම වැළපුණා

ලොව තිලෝගුරු බුදු සමිදුන්
දෙසූ ලොවට හොඳ ගුණ දම්
පිළිපැද්දා නම් නිතැතින්
ජය ගත හැකි වෙයි මෙමගින්

 

සමන්තා – බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook