කලියුගයෙන් නව යුගයට

සාලය මැදට එක් වී සියලු                                     දෙන
මාපිය සෙනෙහෙ විඳිමින් තුරුලට ම                       පැන
ආගිය තොරතුරින් දොඩමළු වී                               ගෙවුන
සිහිවෙයි ඒ අතීතය හද                                         රුඳුන

පහන් එළියෙන් සෙවණැලි හැඩ බැලුව                   කල
රසවත් කතන්දර, ගී සවනත රැඳුණු                         කල
රැඳි කෙළිකවට මිහිරියි නිවස                                තුළ
ගත සිත පිබිදුනා සැමගේ සිතැඟි                            තුළ

නව යුගයකට එළැඹී සිත ඔකඳ                              කල
රූප පෙට්ටියට මුල්තැන ලැබුන                             කල
ජංගම දුරකථනයට පොඩිවුන් අත ගැසුව                 කල
නිවසට පැමිණි සිරිකත හැර ගියා                           පැල

නිවසේ සැවොම වෙන් වී තම සිහින                       වල
තුටුවෙති දිගට යන රස නැති ටෙලි කතා                  වල
සාමය සතුට සැඟවී ඇත පවුල                               තුළ
නැළවෙති කුඩාවුන් වෙනම ම ලෝක                     තුළ

තමාලි ශානිකා – බ්‍රැන්ඩික්ස් කොග්ගල ආතනය

Facebook