නිසල සඳ මඬල මත
ඔබේ රුව දුටිමි මම
පිරුණි සෙනෙහසින් හද
අසරණය මම තවම
ආදරය කරුණාව මත
ඉගිල යන මා හදවත
ලදිමි අස්වැසිල්ලක්
ආදරයේ නවාතැන
තරු පිරිවැරූ සඳ
ඔබය ඒ නවාතැන
පරතෙරක් නැති අහසේ
මම තාරකාවය ඔබ සඳය
මහද දිනූ කුමරාණනී
ඔබයි මගේ හිමි සඳ
නිපුනි සෞම්‍යා – බ්‍රැන්ඩික්ස් නිවිතිගල ආයතනය