මගේ සඳ නුඹයි

මුළු ලොවම එකලු කරන
ඒ එළියේ හිනැහෙන
මුළු ලොවම පුබුදුවන
ඒ එළියේ පිපෙන
නිසලව ගෙවී යන
ඒ රැයේ හමා යන
මගේ ලොවට එළිය දෙන
ඒ එළියේ උණුසුමට
 
සඳ කුමරු නුඹ නම්
කුමුදු මල මම වෙන්නම්
හිරු කුමරු නුඹ නම්
නෙලුම මා වෙන්නම්
රාත්‍රිය නුඹ නම්
සිසිල මම වෙන්නම්
පහන් ටැඹ නුඹ නම්
තුරුලුවී ඉන්නම්
 

ආර්.ජී. නිලන්ති ඥාණරත්න – බ්‍රැන්ඩික්ස් රිදීගම ආයතනය

Facebook