දුර ඈත එක දවසක
ජීවිතේ එක පිටුවක
ඇලවිලා නුඹ ඉන්නවා
ගලවන්න බැරි තැනට…
ජීවිතයේ එක මොහොතක
හිනැහුනා අපි හරියට
හිතින් ඒ හැටි සැනසුන
ආදරය වියැකුනේ කොතනද
හිත අගිස්සෙම හිඳ
නැවතිලා පැල් බැඳගෙන
පුදුමයි මතකයන් ඇවිදින්
අදත් දුක් දෙන හැටි මට…
හිතට මගේ දුක හිතුනට
දුර ගිහින් නුඹ හරියට
යන්න හිටියේ එකටමයි අපි
නුඹට අමතක වූවාට…
ආර්. එම්. දිනුෂිකා ආරියරත්න – බ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනය