මව මහ පොළවකි
තම කොටස් වෙන වෙනම
වෙන්කර වැඩි දියුණු කරනා
පියා නම් වූ ඒ පොළොවෙහි
හිමිකරු නම් වූ ප්‍රතාපවත් මිනිසා
එම බිම් කොටස්වල
ගොඩනැගිලා ගොඩනගලා
ආදරෙන් ආරක්ෂාවෙන්
රැකබලා ගන්නා නමුත්
පෙර දිනක කොටස් කර
කිසිම ඉඩමක්
අන්සතු කිරීමක්
අලෙවි කිරීමක්
ඉවත දැමීමක් නොකරයි
සැබෑ මව නම් වූ ඒ පොළව
ඒ පොළවට සෙවණ දෙන
පියා නම් වූ ඒ වනස්පති
වෘක්ෂය හෙවත්
ඒ ප්‍රතාපවත් මිනිසා
ඩබ්ලිව්. සමන්තා – බ්‍රැන්ඩික්ස්
මිනුවන්ගොඩ ආයතනය