මවකගේ සෙනෙහස

තහනම් වැට කොටු බැන්දේ – මගේ ළඟම තියාගන්න
නුඹ නොදන්න ලෝකය ගැන – ආදරයෙන් කියා දෙන්න
මුරණ්ඩු හිත අකමැතිනම් – ඒ දේවල් දරා ගන්න
අහස පුරා ඉඩ තියෙනවා – දුවේ නුඹට පියාඹන්න

නුඹේ ගැනම වද වෙන හිත – දවසක මට හදාගන්න
දැනුන දාක මගෙ සෙනෙහස – ළඟට ඇවිත් කියා දෙන්න
සුරතලයෙන් ළඟට වෙලා – හීන ගොඩක් මවා දෙන්න
දඟ කළාට එපා දුවේ – අත්තටු නම් කඩා ගන්න

ලොවේ නපුරුකම් දැනගෙන – පරිස්සමින් හිනා වෙන්න
දෝරෙ ගලන්නට කලියෙන් – නෙතේ කඳුළු දරා ගන්න
වැටෙන විටක නැගිටින්නට – සිතට දිරිය තියා ගන්න
සිප් සයුරෙන් එතෙර වෙලා – ලොවේ කිරුළු දිනාගන්න

නුඹව අපිට වටින තරම් – පුළුවන් නම් හිතාගන්න
මුරණ්ඩුවී රිදෙන හිතට – හිමින් සැරේ කියා දෙන්න
මව් සෙනෙහස දරුවො අතර – පුළුවන් නම් වෙනස් වෙන්න
රත්තරනේ මවක් වෙලා – නුඹම දිනක වටහ ගන්න

ඒ. එම්. ස්වර්ණලතා – බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *