නොදුටු අම්මාට

ආසයි දකින්න නුඹේ සුන්දර වත
දැනෙනා උණුහුම දැක ගන්න
නොදැක්ක නුඹේ රුව දැනෙනවා තාමත්
හුස්මක් වැටුනත් පෙර සේම

බැබළෙන එළියෙත් දැක්කේ කළුවර
පෙර භවයක පව් නිමවෙන්න
කණවැල අල්ලන් එන්නට පසුපස
තව කොච්චර කල් ගතවෙයිද

ලැබෙන්න යන විට පැතුවේ දුවෙක්ලු
නුඹේ රූපෙට මං සමවෙන්න
පතන්න නැතුවැති මේ දැන් වාගෙම
මිය ගිය දෙනෙතක් පිහිටන්න

නාඬන් අම්මේ අඳුරත් සැපතක්
නුඹේ සෙනෙහස ළඟ රැඳුනාම
මගේ නෙත් අගටත් කඳුළක් පිරේවි
නුඹේ සුසුමේ බර වැඩිවෙත්ම

කුසට ආව දින සිට මේ වනතෙක්
නුඹයි සිටියෙ ළඟ නොසැලීම
මේ සංසරේ පින් පුරවන්නම්
අම්මේ නුඹ මුව දැකගන්න

කෞෂල්‍යා – බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook