මල් යායක රඟන සමනල රෑනක්
ළා කොළ පාටින් සැලෙන වසන්තයේ ප්‍රථම කාර්තුවේ තුරු හිසක්
සියලු එළි නිවුණු රැයක පෑයූ පුර හඳක්
කතරක රැයේ හමුවන මිතුරෙක්
වස්සානයේ අග පෑයූ දේදුන්නක්
තුටින් රඟදෙන මොණර රෑනක්
සිහිලට ගලන නිල් දිය පාරක්
හිම පියලි අතරින් වැටෙන ළා හිරු කිරණක්
රැයේ පාළුවට උණුසුම් වැළඳගැන්මක්
වනයේ දුව පැන ඇවිදන දඟකාර මුව පොව්වෙක්
සිහිල් පිණි ඇතිරූ රතු රෝස කුසුමක්
සතුටට කියන තවත් නමක්
නුඹට පබදින්නට කවක්
සොයන්නට වෙහෙසෙමි උපමා තවමත්
නෑ මේ පද පේළි සේරම
නුඹ ගැන ලියූ එකම එක කවියක්
නුවන්තිකා ප්‍රනාන්දු – බ්‍රැන්ඩික්ස් ඒකල ආයතනය