හාදු සිතුවම් දෙතොල ඇන්දා
සෙනෙහසින් සියොළඟ වෙලී
ආදරේ පෙම් සිහින රහසින්
මිමිණුවා මුවටම එබී
තවත් දිනයක යළිත් හමුවෙමු
තවත් දින ඇත සඳ නැති
තුන්යමක් අපි අහසේ සිටියා
ඒත් බැස යන්නට මැලී…
අමාවක අවපසට පෑයූ
පුරමසේ පුන්සඳක් ලෙසින්
තවත් දිනයක මගේ හදටම
එන්න පායා සෙනෙහසින්
නොවිඳිනා සුව නොවිඳිනා සැප
ගෙනත් මට දී ආදරෙන්
සනසනා ඔබ හමුවුණා නම්
දෙවනුවෙන් නොව පළමුවෙන්…
නාදුනන අපි අපේ වූ හැටි
පුදුම හිතෙනවා සෙනෙහසින්
පෙර භවේ මේ භවේ වාගෙම
හමුවෙලා ඇති සෙනෙහසින්
ඒ භවේ මා අතින් නුඹ හට
යමක් අතපසු වූ පවෙන්
මේ භවේ නුඹ හමුවුනේ මට
පළමුවෙන් නොව දෙවනුවෙන්…
ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. විජේසූරිය – බ්රැන්ඩික්ස් මීරිගම ආයතනය