පතනෙමි පියාණනි අජරාමර නිවන

කරගැට දෙපා එනතුරු ඔහු ඇවිදින්නේ
අපි වෙනුවෙන් හරි හරියට වෙහෙසෙන්නේ
දරුවන් ඔබේ අද ලෝකය ජය ගන්නේ
පියාණනේ ඇයි ඔබ අප හැර යන්නේ

නිරතුරු දුටුව ඔබෙ ලස්සන සුදු මූණ
සිහිවෙයි අපට ආවත් බාධක කුමන
ඉවසනු බැරිය ඔබ අප හැර ගිය ඒ ගමන
පතනෙමි පියාණෙනි අජරාමර නිවන

පියාණෙනි ඔබ මතු නිවනට යන්නයි
මවුනි මගේ දීර්ඝායු ලැබ දෙන්නයි
සැමදා පතමි මේ පැතුමන් ඉටුවෙන්නයි
මවුපිය සෙනෙහසට කිසිවත් සම නොමවෙන්නයි

දීපා දාබරේ – බ්‍රැන්ඩික්ස් කැෂුවල්වෙයා(ර්) රත්මලාන අයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *