පොඩි සාදුගේ සිතුවිලි

සුවඳ සුදු මල් පුදපු බුදු මල් අසුන දෙනෙතට ගැටෙන්නේ
ඒ තුළ නිරතුරු මෑණියනි ඔබේ මුහුණමයි මට පෙනෙන්නේ
බුදුන් වැන්දත් බුදු මැදුරේ හිඳ සිතයි නිවසට දුවන්නේ
දුරයි අපි දැන් දුරයි අම්මේ කොහොම නිවසට වඩින්නේ

ගෙදරදි ලද බත් පිඟානට අද ලැබෙන්නේ දම් පතයි
ගෙදර නිදියපු පොඩි පුතා අද නිදන්නේ නෑ සැතපිලයි
ගෙදර කියවපු ඔබේ පොඩි පුතු අද දෙසන්නේ බුදු බණයි
දඟකාර ලෙස දුවපැනපු මම අද වඩින්නේ හෙමිහිටයි

සිතට සැනසුම සුවය සලසන තැනයි අම්මේ පන්සල
ඒ නිසයි මම පැවිදි වෙන්නට ඉල්ලුවේ ඔබේ අවසර
බුදු පුතෙක් අද සසුන් ගතකළ ඔබයි මගේ මව් පින්කළ
සතුටුවනු මැන සිනා සී අද සිතේ දුක්ගිනි දුරුකර

පන්සලේ පිදු සුවඳ මල්වල සුවඳ නහයට දැනෙනවා
බෝධි මලුවේ සිසිල දැනුනම සිතට සුවයක් දැනෙනවා
බුදුන් වැන්දම සසුන් ගතවී සිතට නිවනක් දැනෙනවා
මේ පින් බලයෙන් මගේ අම්මා නිවන් පුරයට වඩිනවා

කේ.ඩි. පත්මා – කැෂුවල්වෙයා(ර්) රත්මලාන ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *