මවක් නැති පියෙක් නැති
නුඹ නුඹටම උරුම නැති
මාවතේ
පහනයි නුඹ
රෑ මනාලියේ

කාසි කොළ දෝතින්ම
හිස නමා වැළඳගෙන
දැන දැනම ඇයි
මිරිඟුවට
අත වනන්නේ

මිරිඟු දිය සොයා එන
නුහුරු පිපාසිතයන්ට
කිමද නුඹ සිඳ නොයනා
ගංගාවක් වූයේ

කා අතද වරද මට
කියන්නට නොතේරුනත්
නුඹ
අසරණයි තාමත්
මේ පාළු වීදියේ

තත්ත්පරෙන් තත්ත්පරේටත්
ගෙවී යන නුඹ යෞවනේ
එපා සිඳ බිඳ දමන්නට නම්
පියාපත් නැති
ළිහිණියේ…

එම්. ඩී. පියුමි මල්ෂා – බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *