අම්මි ඉන්න
ලෝකේ ඉඳන්
වැස්ස එන්නේ මෙහේ…
සීතලේට
දොයියන්නයි
තාත්තිගේ අතේ…
වළාකුළක
නැග ගියා ද
කුරුලු අම්මි නුඹේ…
ඇයි ද ඉතින්
මේ තෙමෙන්නේ
තාත්ති කෝ අනේ…
තෙමුනෝතින්
හැබැයි ඔන්න
අම්මිට දුක හිතේ…
අපි ඔක්කොම
දොයිය ගමුද
තාත්තිගේ අතේ…
ඒ. ඩබ්ලිව්. වාසනා කුමාරි – බ්රැන්ඩික්ස් කහවත්ත ආයතනය