පුවක් අතු ඔංචිල්ලේ
පොල් පිති හරක් රෑනේ
පොල් කොළ රූං පෙත්තේ
කෙළි දෙළෙන් දුව පැන්නේ…
චක්ගුඩු එළු රෑනේ
උච්චි උච්චි තෝල් සද්දේ
බත් කූරු සරුංගලේ
හිත මිතුරු ඒ කාලේ…
පාන්දර කනිසමට
පටවා පිටට පොත් තුරුළ
නොතකා ගත සිත විඩාව
දිව්වා සොයා ලෝකයම…
ලොවම ගෙන ඇඟිලි තුඩඟට
නවා ගෙන ගෙල අයිපෝනයට
වුනා තනි තනි වන්න…
අනූෂා රංජිත්සේන – බ්රැන්ඩික්ස් රිදීගම ආයතනය