කෙනෙක්ට තමන්ගේ සිරුරෙන් කොටසක් තව කෙනෙක් වෙනුවෙන් පරිත්‍යාග කරන්න පුළුවන් නම් ඒ කෙනා කොතරම් උතුම් හදවතක් ඇති පරිත්‍යාගශීලියෙක් වෙන්න ඕනෙද? මිලින වෙන්න යන ජීවිතයකට ජීවය දෙන්න පුළුවන් නම් මිනිසුන් ලෙසින් අපට ඊට වඩා ලැබිය හැකි සතුටක් නැහැ. එසේ නම් ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ සිටින උතුම් හදවත් ඇති පරිත්‍යාගශීලීන් වැඩිම පිරිසක් සිටින එකම පවුල බ්‍රැන්ඩික්ස් අපි බව අභිමානයෙන් අපට කියන්න පුළුවන්. ඒ, වසරක්, දෙවසරක්, තෙවසරක් නෙවෙයි අඛණ්ඩව දස වසරක් පුරාවට ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ වැඩිම රුධිර දායකයා ලෙසින් බ්‍රැන්ඩික්ස් අපි අභිමානවත් ලෙසින් සිදුකරන රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහන නිසාවෙනුයි. මීට වසර 13 කට පෙරදී ඇරඹී මේ මාහැඟි සත් කාර්යය වසරින් වසර තව තවත් ව්‍යාප්ත කරමින් අති සාර්ථක අයුරින් පැවැත්වීමට හැකියාව ලැබුනේ ශ්‍රී ලංකාව පුරාවට විහිදී තිබෙන බ්‍රැන්ඩික්ස් ආයතනයන්හි සේවය කරන කරුණාවන්ත හදවත් ඇති දයාබර සාමාජිකයින් නිසාවෙනුයි. ඒ නිසා තමයි අපි අඛණ්ඩව දස වසරක් පුරාවටම පුද්ගලික අංශයේ විශාලතම රුධිර දායකයා ලෙසින් සම්මානයට පාත්‍ර වෙන්නෙත්. ඒ අතර පසුගිය දස වසර පුරාවටම රුධිර පරිත්‍යාග කළ සාමාජික සාමාජිකාවන් ද සිටින බව කෘතඥතා පූර්වකව සිහිපත් කළ යුතුයි. එවන් ලතෙත් හදවත් ඇත්තවුන් සැබවින්ම අපට අභිමානයක්.