මීට වසර ගණනාවකට කලින් අපේ තිබුන ගුණ යහපත්කම්, හැදියාව වර්තමානය වෙනකොට අපටත් නොදැනීම අපෙන් ගිලිහිලා ගිහින්. අතීතයේ තමන්ගේ ගෙදරින් සෑම දරුවෙකුම ගුණ යහපත් දරුවෙකු විදියට නිර්මාණය කරන්න දෙමව්පියන් වැඩිහිටියන් ලොකු වෙහෙසක් දැරුව බව නොරහසක්. එදා අපේ අම්මලා අත්තම්මලා සාරධර්ම පුරුදු කළේ මෙන්න මේ විදියට.
අපි වෙනස් විය යුතු අවස්ථාවල වෙනස් විය යුතුයි. නමුත් අප තුළ ඇති සාරධර්මවලට හානියක් නොකළ යුතුයි. අපි නිරන්තරයෙන් සමාජය තුළ ජීවත් විය යුත්තේ මම නිසා තව කෙනෙකුට හානියක් සිදු නොවිය යුතුයි යන සිතුවිල්ලක් පෙරදැරිවයි. සමහරවිට මගේ ක්‍රියා කලාපය නිසා තව අයෙකු අපහසුවට ලක්වනවා නම් ඒ දෙය සිදු කිරීම නුසුදුසු බව අවබෝධ කරගත යුතුයි.
උරුවම් බබාවත්
සීපද කියාගෙනවත්
සිංදු කියමින්වත්
ගෙවල් අසලින් යාම නොහොබිත්