අභියෝගයට අභියෝගයක් වන්නට

අභියෝගයට අභියෝගයක් වන්නට

ජීවිතේ එන ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දෙන්න වගේම ජීවිතේ ජයගන්නත් අපේ බ්‍රැන්ඩික්ස් සාමාජිකයින් ශක්තිමත්. ඒ වගේම බාධක අභියෝග අතරින් තමන්ගේ ජීවිතය සමබරව පවත්වාගන්නත් ඔවුන් හොඳින් පුරුදු පුහුණු වෙලා ඉන්නවා. මේ නිසාම තමයි ඔවුන් මේ ගෙවෙමින් පවතින අභියෝගාත්මක කාලයේදීත් උපේක්ෂාවෙන් ජීවිතයට මුහුණ දෙන්නේ.

2020 වසරේ ආරම්භයේ සිට මේ දක්වාම කාලය මුළුමහත් ලෝකයටම ඉතාමත් අපහසු අභියෝගාත්මක කාලයක් බව ආය ආයෙම කියන්න අවශ්‍යය නැහැ. එවන් අවස්ථාවකට මුහුණදීම ලෝකයේ මහ බලවතුන්ටත් අපහසු වූ බව අපි දුටුවා. නමුත් අපේ බ්‍රැන්ඩික්ස් පවුලේ සාමාජිකයින් එවන් අවස්ථාවකට ශක්තිමත්ව මුහුණ දෙන්න අවශ්‍යය ආකාරයට පූර්ව සූදානම් කරවන්නට අපේ ආදරණීය මෑණියන්ට හැකිවුණා. ඒ අපේ ආයතන සමූහය පුරාම අති සාර්ථක අයුරින් ක්‍රියාත්මක වන Gap Inc. P.A.C.E. පුහුණු වැඩසටහන හරහායි. කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් ටික කාලයකට නවතා තිබුණු P.A.C.E. වැඩසටහන, අභ්‍යන්තර පුහුණුකරුවන් හරහා සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් සාර්ථකව නැවත ආරම්භ කරන්න අපිට පුළුවන් වුණා.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *