අඩි පාර ( මංමුලා නොවී යන්නට )

අඩි පාර 02 - සුබ ප්‍රාර්ථනා කියමන්

අඩි පාර තුලින් හැමදාම මග කිව්වේ ලස්සන ගමනාගමනාන්තයකට නේ. ඔන්න ඒ නිසා මෙදා පාර ගලිවර් ගේ අඩිපාර මුහුද පැත්තෙන් සටහන් කලා..

මේක ඉතිහාසයේ සිදුවුන ඇත්ත කතාවක්..ඒ නිසා මේ අඩිපාරේ 👣 වටිනාකම වැඩියි..

ලෝකය වෙනස් වෙන්නට බලපෑම් කරපු තවත් අඩිපාරක් විදිහට අපිට මේක හදුන්වන්න පුළුවන්….

එහෙනම් ඔන්න කතාව අහන්න කෝ…

තුර්කින් විසින් කොන්ස්තන්තිනෝපල් නගරය අල්ලගත්තට පස්සේ වැඩිම මරු පහර වැදුනේ යුරෝපියන්ට.ආසියාව හා සම්බන්ධ වෙන්නට තිබුන එකම ගොඩබිම් මාර්ගය අහිමි වීම නිසා ඔවුන්ට විකල්ප අවශ්‍යය වුනා. සමහරු සූවස් ඇල, රතු මුහුද හරහා ඉන්දියන් සාගරයට ආවා. සමහරු ඊජිප්තුව දකුණු අප්‍රිකාවේ උතුරු කොටස තරණය කරගෙන ඉන්දියන් සාගරය සොයා ගත්තා. මෙතැනදී විශේෂත්වය වන්නේ ඒ හැමදෙනාම ගමන් කලේ නැගෙනහිර දිශාවට.

යුරෝපියන් අතර නාවික ගමන් සහ දේශගවේශණය සඳහා වැඩිම උණක් තිබ්බ ජාතිය තමයි පෘතුගීසින්. පෘතුගාලයේ පළමු ජෝන් රජුගේ තුන්වන පුත්‍රයා ප්‍රසිද්ධ වුනේ ” හෙන්රි නම් නාවිකයා ” ලෙසයි. ඔහු නාවික පාසලැක් ආරම්භ කරලා නාවික කටයුතු, තරු සලකුණු, මුහුදු මාර්ග ගැන උගන්වනවා. මේ නිසා පෘතුගාලයේ නාවික ගමන් සඳහා උද්යෝගයක් ඇතිවෙනවා. නාවික හෙන්රි ගේ කාලයේ යුරෝපියන්  දැනසිටි දකුණු අර්ධ ගෝලයේ ඈතම ස්ථානය අප්‍රිකානු කාන්තාර වෙරළේ “බෝජාදෝ තුඩුව” (Cape Bojador) විදිහට හඳුන්වනවා. පුරාණ නාවිකයන් එම තුඩුව ලෝකයේ දකුණු කෙරවල ලෙස සිතාගෙන  සිටියා. හෙන්රිගේ නාවුක පන්නයේ අණදෙන නිලධාරියා වූ ගිල් එනේස් (Gil Eanes) බෝජාදෝ තුඩුව පසුකර ගිය ප්‍රථම යුරෝපීය ජාතිකයා විදිහට බෞතීස්ම ලබනවා…

හොඳම හරිය වෙන්නේ ඊට පස්සේ..

වසර 1444 දී ඩෙනිස් ඩයස් (Dinis Dias) සෙනගාල් ගංගාව (Senegal River) සහ කැප් වර්ට් අර්ධද්වීපය (Cap-Vert) පසුකරනවා. මේ වන විට පෘතුග්‍රීසි ජාතීන් අප්‍රිකාවේ බටහිර කාන්තාර පෙදෙසේ දකුණු මායිම පසුකර හමාරයි. කාන්තාර මායිම පසු කිරීමත් සමගම හෙන්රි කුමරුන්ගේ එක් ප්‍රාර්ථනාවක් මල්ඵල ගැන්වෙනවා. එනම් සහරා කාන්තාරයේ බටහිර කොටස මැදින් තුර්කීන්ගේ පාලනයට යටත්ව තබූ ගොඩබිම් වෙළෙඳ මාර්ගය මග හැරීමට හැකි මුහුදු මාර්ගයක් පෑදීමයි.

අනතුරුව පෘතුග්‍රීසි ජාතික බර්තලමේයු ඩයස් දකුණු අප්‍රිකාවේ දකුණු කෙලවර සොයා ගන්නවා. එතැනදී ඔහුට සංග්‍රහ කරන්නේ ඉතා බලසම්පන්න කුණාටුවක්. මේ නිසා බර්තලමේයු ඒ තුඩුව “කුණාටු තුඩුව” ලෙස නම්කරනවා. අප්‍රිකාවේ දකුණු කෙලවර සොයා ගැනීමෙන් අප්‍රිකාව මඟ හැර ඉන්දියාවට යෑමට නව මුහුදු මාර්ගයක් සොයා ගැනීම සුබ නිමිත්තක් නිසා පෘතුගාලයේ රජතුමා එය ” සුබ ප්‍රාර්ථනා තුඩුව ” ලෙස නම් කරනවා.

ඊට පහු කාලෙකදී පෘතුගීසි ජාතික වස්කෝද ගාමා නැව් හතරකින් නාවිකයන් 160 දෙනෙකු සමග ලිස්බන් වරායෙන් පිටත් වී ඉන්දීයාවේ කැලිකට් වරායට සේන්දු වෙනවා. එතැනදී ඔහු අපූරු ප්‍රකාශයක් කරනවා..

“ක්‍රිස්තියානින් සහ කුළුබඩු සොයා අපි මෙහි පැමිණියෙමු”

මට කියන්න ඔනේ මේකයි….

සමහර පුරුදු මාර්ග වැහුනම අපි හිතනවා අපේ ගමන ඉවරයි කියලා.

නාවික හෙන්රි වගේ හිතන්න. සෑම නව සොයා ගැනීමක් තුළින් ජීවිතයට අලුත් අත්දැකීමක් එක් කරගන්න බලන්න.

නැගෙනහිර මාර්ගය වැහුනා නම් බරහිර පැත්ත ගැන හිතපු පෘතුගාලයේ රජතුමා වගේ හිතන්න.

කුණාටු වලින් නැවියන්ට කරදර වුනත් අලුත් මානයක් පෙන්වපු එතැන සුබ ප්‍රාර්ථනාවක් ලෙස පිලිගන්න.

ඔබත්… බටහිරට යන්න…. සමහර කුණාටු තුඩු ඔබේ ජීවිතයේ සුබ ප්‍රාර්ථනා ගෙනෙන ඒවා වෙන්න පුළුවන්.

තවත් අඩිපාරකින් ආපහු හමුවෙමු..

මම,
ගලිවර්

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *