මචං ඔයා කොහෙද ඉන්නෙ ?
ආහ් මේ මම එන ගමන්
යාලුවෙක් එක්ක ගමනක් යන්න ප්ලෑන් කරලා, ඔයා හොඳට ලැහැස්තිවෙලා පාරටත් ඇවිල්ලා ඉන්නකොට, ඔයාගේ යාලුවා කියනවා නම් “මම මේ ඉන්නේ මග” කියලා, ඒ යාලුවා කියන්නේ බොරුවක් වුණත් ඒ යාලුවව ඔයාට සුවර් නේද? ඒ වචනේ සත පහකට විශ්වාස කරන්න බැරි වුණත් ඒ යාලුවව ඔයාට විශ්වාසයි. මොකද අටට එනවා කියාපු මනුස්සයා දහයට හරි එනවා කියලා ඔයා දන්නවා. එහෙම හොඳ සුවර් එකක් ඔයාට තියෙනවා. අන්න ඒක තමයි නියම ෆ්‍රෙන්ඩ්ශිප් එක කියන්නේ.
දැන් මම කියන්න යන්නේ ෆ්‍රෙන්ඩ්ශිප් එක ගැනම නෙවෙයි. ඕනම කෙනෙක් එක්ක සම්බන්ධයක් හැදෙන්නේ, ඒ කෙනා හා ඔයා අතර තියෙන තියෙන විශ්වාසය නිසා. මේ ෆැන්ටසි ලෝකයේ ඕනම මානව සබඳතාවයක බේස් එක වෙන්නේ විශ්වාසයයි.
ජොලියට, ෆන් එකට යාලුවෝ එක්ක පොඩි බොරුවක් ඉතින් අපි හැමෝම කියනවනේ. ඒත් ඇත්තටම තව කෙනෙක්ට හිතාමතාම බොරුවක් කරලා ඒ විශ්වාසේ කඩන කෙනෙක් නම් ඔබ… ඒ වෙලාවට හාර්ට් එක ටිකක් වේගේට ගැහෙන්න ගන්නවා නේද?
හිතන්න.. ඔයා ඔයාගේ ළඟින් ආශ්‍රය කරන යාලුවෙක් එක්ක ඔයාගේ ජිවිතේට වැදගත් වෙන ගමනක් යන්න ප්ලෑන් කරනවා. ඒ යාලුවා බොරුකාරයෙක් කියලා දැන දැනත්, ඔයා ඒ යාලුවව සුවර් කරලා මේ ගමන යන්න ලැහැස්තිවෙනවා. ඔන්න අන්තිම දවසට කලින් දවසෙත්, මේ ගමන ගැන යාලුවට මතක් කලාමත් ඒ යාලුවා කියන්නේ එනවාමයි කියලා. ඒත් ගමන යන දවසේ එකපාරටම “එන්න විදිහක් නෑ බොක්ක” කියලා ඔයාට මැසේජ් එකක් ආවොත්, ඔයාට ඒ යාලුවා ගැන හිතට එන්නේ කොච්චර ලොකු කළකිරීමක් ද? අන්තිමේට ඔයාගේ වැඩේ කරගන්න ඔයාට යන්න වෙන්නෙත් නෑ. ඒ නිසා මේ කියපු යාලුවා නිසා ඔයාගේ මුළු අනාගතේම අඳුරු වෙන්න පුලුවන්. කොටින්ම කිව්වොත් ඔයාගේ මුළු ජිවීතේටම බලපෑමක් වෙන්න පුලුවන්.
මම කියන්න ට්‍රයි කලේ, බොරුකාරයෝ නිසා ඔයාගේ ජිවීතේ, අනාගතේ අපරාදේ මග නවත්ත ගන්න එපා!
එතකොට කොහොමද විශ්වාසවන්ත යාලුවෝ අඳුන ගන්නේ කියලා ඔයා දැන් මගෙන් අහන්න පුලුවන්. ඔන්න ඒකටත් උත්තරයක් දෙන්න මම යන්නේ.
ඕනම වෙලාවක කියන වචනේ වෙනස් නොකරන,
ඔයා වෙනුවෙන් පෙනී ඉන්න,
හොඳම කෙනා කවුද කියලා ඔයාටම කල්පනා කරලා බලන්න පුළුවන්. ඒකට තියෙන්නේ පොඩ්ඩක් මොළේ කල්පනා කරන එක විතරයි. ඇත්තටම හුඟාක් වෙලාවට අපි මොළේ පාවිච්චි කරන්නේ නෑ නේ. පෙනුමෙන් හැඟීම් වලින් මිනිස්සු විශ්වාස කරන්න යනවා.” එහෙමනම්, පොඩි ටොක්කක් ඇණ ගන්න “.
ඇත්තටම විශ්වාස කරන්න පුළුවන්, විශ්වාසය රකින යාලුවෝ අපි අතර ඉන්නවා. විශ්වාසය කඩ කරන යාලුවොත් නැතුවාම නෙවෙයි. එහෙමයි කියලා එයාලා එක්ක ගේම ඉල්ලගෙන, ජන්මාන්තර වෛරයක් හදාගන්න එක නෙවෙයි කරන්න ඕන. එයාගෙන් පොඩ්ඩක් ඈත්වෙන්න. හිත හදාගන්න පුලුවන් හොඳම විදිහ තමයි නොගැළපෙන මිනිස්සුන්ගෙන් ඈත වෙන එක. කරන්න අමාරු වුණත්, මේ විදිහට කරලා බලන්න. ඔයාගේ හිතටත් මාර රිලැක්ස් එකක් දැනෙයි.
රංගන වඩුගේ