"අකුරට පෙර ආරක්ෂාව"

බ්‍රැන්ඩික්ස් නොනවතින සමාජ සත්කාර ගමන් මගෙහි අපගේ නවතම සමාජ සත්කාරය වශයෙන් මේ දිනවලදී සිදුවන්නේ දිගු නිවාඩුව නිමා වී නැවත පාසැල් යාමට සැරසෙන අපගේ ආදරණීය සාමාජික සාමාජිකාවන්ගේ දුවා දරුවන්ට “අකුරට පෙර ආරක්ෂාව” තේමාව යටතේ මුඛ ආවරණ ලබා දීමේ සත්කාරක ක්‍රියාවලියයි.

මෙහිදී අපගේ ආදරණීය සාමාජික සාමාජිකාවන්ගේ දුවා දරුවන් 16,000 කට අධික ප්‍රමාණයකගේ සෞඛ්‍යය ආරක්ෂාව උදෙසා වයස් කාණ්ඩ අවුරුදු 6-12 සහ 13-19 වශයෙන් මුඛ ආවරණ බෙදා දීමේ කර්තව්‍යය සියලුම බ්‍රැන්ඩික්ස් ආයතන මට්ටමින් සිදුවෙමින් පවතිනවා.

මේ තුළින් අප බලාපොරොත්තු වන්නේ ලෝකයේ දැනට පවත්නා වු Covid-19 හෙවත් කොරෝනා වෛරසය පරාජය කර අනාගතය භාරගන්න සූදානම්ව සිටින අපගේ දුවා දරුවන්ට ශක්තියක් වීමටත්, සෞඛ්‍යය සම්පන්න හෙට දවසක් බිහි කිරීමටත්ය.

එමෙන්ම ලෝකයේ ඇති මේ මහා උවදුර මැඩ පැවැත්වීමට ද මේ අපගේ සත්කාරක ක්‍රියාවලිය හොඳ රුකුලක් වනු ඇතැයි බ්‍රන්ඩික්ස් අපගේ ඒකායන පැතුමයි.

ඡායාරූප සඳහා පිවිසෙන්න : අකුරට පෙර ආරක්ෂාව Facebook සටහන

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *