අම්බෝ… දෙවියනේ… මට නම් හිතා ගන්න බෑ…
පොඩ්ඩක් බලන්න ඕනේ Profile එක check කරලා…
ඇත්තටම එයාද කියලා
ඕ… මයි… ගෝඩ්… එයා… නේන්නම්…
මම මොනාද කරන්න ඕනේ කියලා මටම හිතා ගන්න බැහැ…
කියන්න ඕනේ සුමුදුට.
“අනේ… Please Please සුමුදු ඉක්මනට Phone එක Answer කරන්නකෝ
හෙලේව්… හෙලේව්… සුමුදු… ඔයා වැඩකද ඉන්නේ
නෑ නේහා… කියන්න මොකෝ මේ කලබලෙන්… ආ…
අනේ අහන්නකෝ… සුමුදු… මේ මාර වැඩක්නේ උනේ මේ… මට මාර්ක්… රික්වෙස්ට් එකක් දාලානේ…
මොන මාර්ක් ද අනේ…
අයියෝ සුමුදු… මාර්ක්… මාර්ක්… මාර්ක් සකර්බර්ග්…
මොකක්… නේහා… මාර්ක් සකර්බර්ග්… වෙන්න බෑ… කීයටවත් ඒක නම්…
එයා ඔයාට Request එකක් දාලා… මට නම් විශ්වාස කරන්න අමාරුයි…
ඔව් අනේ සුමුදු… මම Profile එක Check කරා. එයාම තමා අනේ…
ඉතින් ඔයා Accept කරාද?
නැහැ සුමුදු… තාම කරේ නම් නෑ. මට හිතා ගන්න බැරුව ගියා අනේ… එකයි ඉස්සරවෙලාම ඔයාට කතා කලේ.
මම ඒ Request එක Accept කරන්නද සුමුදු?
මටත් නම් හිතා ගන්න බෑ. කෝකටත් ඔන්න ඔහේ කරන්න බලන්න. වෙන Account එකක් නම් අපට Unfriend කරන්න පුලුවන්නේ…
හරි සුමුදු… එහෙනම් මම තියන්නම්… ඔන්න මම එක කරනවා හොදේ… බායි. Take care
අම්මෝ… මෙයාට තියන සතුට… හා.. හා.. බායි.. බායි.. Take care
……………………………………………………………………………………………………………………………………………………………………………………
ඔන්න මාර්ක්… එහෙනම් ඔයා දැන් මගේ යාලුවෙක්… මට පුදුම ආඩම්බරයක් හිතට ආවා… ඒ තරම් ප්‍රසිද්ධ ධනවත් පුද්ගලයෙක් දැන් මගේ යාලුවෙක්… මගේ මූණට වැටුන ඒ හිනාව දැකලා අයියා නෝන්ඩියට වගේ හිනාවකුත් දානවා මම නොදැක්කාම නෙවේ.
Hi… Request එක Accept කරපු ගමන් Messenger වලින් පණිවිඩයක් තිබ්බේ ඔහුත් එක්ක කතා කරන්න තියන උනන්දුව වැඩි හින්දමයි.
Hi ඉතින් කොහොමද කියලා අනිත් පැත්තෙන් Reply එකක් ආවාම මට හරිම සතුටක් හිතට දැනුනේ.
ඉතින් මාර්ක් ඔයාට කොහොමද? මම නම් හොදින් ඉන්නවා… මේ විදිහට පළවෙනි කතාබහ ඔහුත් එක්ක ගලාගෙන ගියා හරිම අපූරුවට. මෙච්චර දවසක් හිතේ තිබුන ප්‍රශ්ණ ගොඩාක් මාර්ක් ඉස්සරහට අතෑරියේ හරියට බැලුම් බෝලයක හුලං එනවා වගේ ඉක්මනට…
මාර්ක්… ඇත්තටම ඇයි ඔයා මේ වගේ සන්නිවේදන මාධ්‍ය හැදුවේ? නේහා… ඔයා දන්නවද? Facebook ගිණුමක් මම මුලින්ම හැදුවේ 2004 පෙබරවාරි 04. එතකොට මම හාර්වඩ් කැම්පස් එකේ දෙවනි අවුරුද්දේ ශිෂ්‍යයෙක්. මගේ හොදම යාලුවා තමයි මට මේකට උදවු කලේ. සැවෙරින් තමයි මට මුදල් ලබා දුන්නේ මේ නිර්මාණයට. සමාජ ජාලා වෙබ් අඩවියක් නිර්මාණය කරාම ඔයාට සෑහෙන්න ප්‍රතිචාර තියෙන්න ඇති නේද? කැම්පස් එකේ එහෙම…
ඔව්.. ඔව් නේහා… මුලින්ම මම කැම්පස් යාලුවන්ට විතරයි සාමාජිකත්වය දුන්නේ. ඔයා දන්නවද?… පස්සේ ඇමරිකාවේ වගේම කැනඩාවේ ඔක්කොම කැම්පස් වල හැම ළමයෙක්ම මේකට එකතු වුනා. හරි ඉක්මනට ප්‍රසිද්ධ වුනා… 2006 වෙනකොට ගොඩාක් පිරිස සාමාජිකත්වය ලබාගෙන තිබුනා. මම හිතුවේ නෑ මේ තරම් පිරිස අතරට යන්න පුළුවන් වෙයි කියල නම්.
ඇයි නේහා?… ඔයා මේ තරම් විස්තර මගෙන් අහන්නේ…
මාර්ක් … ඔයා දන්නවද… ඔය අතීත කතාව දැනගන්න මට පුදුම උනන්දුවකින් හිටියේ…
නේහා… මගේ Account එකේ යාලුවෝ ගොඩාක් ඉන්නවා. හැබැයි ඔයා විතරයි ඔය විදියට මගෙන් ඔය තොරතුරු ඇහුවේ. ඔයා නම් හරි පුදුම කෙනෙක් නේහා. ඔයා එක්ක කතා කරන්න මම හරිම කැමතියි.
මාර්ක් එහෙම කියනකොට… මට පුංචි ආඩම්බරයක් හිතුනා. ඒ මම දැන් එයාගේ විශේෂ යාලුවෙක් වෙලා නිසාම.
මාර්ක්… ඔයා කොහොමද Facebook කියන නම හදා ගත්තේ. ඉස්සරවෙලාම නේහා තිබ්බේ Facemash
කියලා. පස්සේ තමයි Facebook වුනේ. මේ වෙබ් අඩවිය නිර්මාණය කරලා ටික දවසක් යනකොට ජනප්‍රියතාවය වැඩි වෙලා අන්තර්ජාල තදබදයකුත් ඇති වුනා. ඊට පස්සේ මොකද දන්නවද වුනේ…?
ඇයි මොකද වුනේ මාර්ක්…
කැම්පස් එකේ වහලා දාලා මගේ කතෘ අයිතිය පවා උල්ලංඝනය කරා. ඊට පස්සේ මේ Project එක අධ්‍යාපනික මෙවලමක් විදියට පාවිච්චි කරන්න පුලුවන් විදියට වැඩි දියුණු කරා. ඒකෙන් පස්සේ තමයි ඔය Image වලට Comment කරන්න පුළුවන් විදිය හරි ගැස්සුවේ…
මාර්ක්… ඔයා නම් නියමයි… මට ඔයා වගේ යාලුවෙක් ඉන්න එක ගැන මට හරිම සතුටුයි.
නේහා… තව ඉස්සරහටත් Facebook වැඩිදියුණු කරන්න මම හිතාගෙන ඉන්නේ.
මාර්ක්… හැබැයි මෙහෙම දේකුත් තියනවා. මේ මාධ්‍ය හොදට වගේම නරකටත් මිනිස්සු පාවිච්චි කරනවා. ගොඩාක් ජීවිත නාස්ති වෙනවා ඒකෙන්.
ඔව් නේහා … ඒක මම දන්නවා. නමුත් මම මේ වෙබ් අඩවිය නිර්මාණය කලේ දුරස් වෙලා ඉන්න යාලුවන්ව ලඟින් ඇසුරු කරන්න පුළුවන් වෙන්න, නිර්මාණශීලීව හිතන්න පුරුදු කරන්න, තවත් නිර්මාණශීලි අයෙක්ව අගය කරන්න, අලුත් දේවල් බෙදා හදා ගන්න… ඒ වගේම ව්‍යාපාර ලබා ගන්නත් පුළුවන් හරි විදියට හිතුවොත්.
මිනිස්සුන්ට මොළේ පාවිච්චි කලොත් එයාලට හොදට වැඩ කරවාගන්න පුළුවන් මෙවලමක්…
ඔයා කියන කතාව ඇත්ත… මාර්ක්… මිනිස්සු හිතන විදිය වෙනස් වුනා නම් හරි නේද?…
අන්න ඔව් නේහා… ඔයාට තේරුණා… ඔයා වගේ යාලුවෙක් මට මුණ ගැහුන එක ගැන නම් මට හරිම සතුටුයි…
එහෙනම් නේහා අපි ආයෙත් දවසක Chat එකක් දාමු. Bye… Take care නේහා…
හරි මාර්ක්…මටත් සතුටුයි ඔයා වගේ යාලුවෙක් මට ඉන්න එකට. අපි ආයෙ Free වෙලාවක Chat එකක් දාමුකෝ. Bye… Take care… මාර්ක්…
……………………………………………………………………………………..……………………………………………………………………………………..
දුවේ… දුවේ… නැගිටින්න… 6.00 වෙලාව…
දැන්නම් Transport එක මඟ එනවත් ඇති. ඉක්මන් කරන්න.
අම්මගේ සුපුරුදු කටහඩත් එක්ක මම උඩ ගිහින් ඇහැරුනා.
ඇඳේ ඉදගෙනම ජනේලය දෙස බැලුනේ මේ ඉන්නේ කොහේද කියලා හිතා ගන්න තත්පර ගානක් වැය කරමින්මයි…
මාර්ක්… සකර්බර්ග්… Facebook… ඒක නම් නියම හීනයක්… “අද එකේ කතා කරන්න මාතෘකාවකුත්” කියලා හිත හිතම මම ඉක්මනට ලෑස්තිවෙන්න ගියා වැඩට යන්න.
බුද්ධිකා කාරියවසම්