පපුව කෙළවර පිපී හිනැහුණ
පතොක් මලකට පෙම්කෙරු…
පුංචි කන්දක ප්‍රථම ප්‍රේමය
සුළං අහුරක් බිම දැමූ…
මටම මමවත් අයිති නැති කොට
නුඹත් ඇවිදින් මගේ වෙන්නට…
පෙම් පිරූ ඒ සොදුරු කාලෙට
යන්න හිතෙනවා ඉගිලිලා මට…
කඩා වැටෙනා තුරු බලා මම
පැතූ පැතුමන් බොඳ උනේ…
අහිමි උනත් මට මේ භවේ නුඹ
අපි අපේ වෙමු මතු භවේ…
අනුෂ්කා – බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ ආයතනය