අතීතය

පාරයි හදවත හැම මොහොතක දීම
ගෙවුණු අතීතය මතක් වෙලා
සිතන්න බෑ මට පෙර ලෙස ඔබ ගැන
ඔහු දැන් මගේ ජීවිතය වෙලා

ලස්සන මතක රැව් දෙයි හද තුළ
නෙත් අග කදුළක් මෝදු වෙලා
එන්නට සිතුනත් සොයා එන්න බෑ
ඔහු හට මම දැන් අයිති වෙලා

සිතනා අයුරින් හමු වූවා මට
පුද දෙමි සෙනෙහස දෝත දරා
නොතිබුනත් පින ඔය අත ගන්නට
ඔහු මගේ හීනය පාට කලා

පතනෙමි ඔබටත් සුන්දර වෙන්නට
ලැබුණාවූ මේ ජීවිතය සදා
සිතන්නේ නෑ මම මින් පසු ආයෙත්
ඔහු ඇත මා ලඟ මියෙන තුරා


ඉරේෂා කරුණානායක – බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook