“අම්මේ………හ් ආ……හ් ආ……😭”
“පොඩ්ඩක් ඉන්න ඔහොම දඟලන්නෙ නැතුව…. දැඟලුවොත් ඔයාටත් හානියක් වෙන්න පුලුවන්… ප්ලීස්. පොඩ්ඩක් ඉවසන්න…”
වරුවක් විතර කරපු සැත්කමෙන් කුසේ හිටපු නිවුන් දරුවන් දෙදෙනාම මගෙ බිරිඳට ගබ්සා උනා… මට හිතාගන්න බෑ අපිට මේ තරම් වේදනාවක් ඇයි ලැබෙන්නෙ කියලා. කවදාවත් අපිට සතුටක් ලබන්න බැරි වෙයිද… මට ඈතින් එන මගෙ බිරිඳගෙ මුහුණ දැකලා තවත් දුක හිතුනා…
“අනේ මහත්තයෝ… මට… මට සමාවෙන්න… මේ පාරත්… අපේ පැටව් අපිට නැති වුනා…”
“ඒකට කමක් නැහැ මැණිකෙ… අපේ නොලැබීම වෙන්න ඇති… ආපහු උත්සාහ කරමු… කවදා හරි ලැබීමක් තියේවිනෙ…. එන්න මං ඔයාව එක්ක යන්නම්….”
“එක්ස්කිව්ස්මී…”
“ආ.. ඩොක්ටර්…”
“මං මේ ඔයාව හම්බවෙන්න තමයි හිටියෙ… මෙයාව වෝර්ඩ් එකට එක්ක ගිහින් පොඩ්ඩක් ඇවිත් මාව මුණගැහෙන්න…”
“හරි ඩොක්ටර්…”
ටික වෙලාවකට පස්සෙ මම ගියා ඩොක්ටර් මුණගැහෙන්න…
“ඩොක්ටර්…”
“ආහ්… එන්න මිස්ටර්… ටේක් අ සීට්”
“ඩොක්ටර් මට එන්න කිවුවෙ……”
“මෙහෙමයි මිස්ටර්… ඔයාගෙ වයිෆ්ට මේ තරම්ම ඇබෝශන් (ගබ්සා) වෙන්නෙ ඇයි කියන්න නම් මටත් හිතාගන්න බෑ… දැන් අවුරුදු 10ක විතර ඉඳන් මේ දේ වෙන්නෙ… ඔයාලත් ආස ඇති දරුවෙක්ට… ඒත් දරුවෙක් හදන්න බැරි තරම් දුර්වල ශරීරයක් නෙවෙයි ඔයාගෙ වයිෆ්ට තියෙන්නෙ…”
“ඒත් ඩොක්ටර්… මට හිතාගන්න බැහැ… අපි දෙන්නම මේ පාර ආසාවෙන් හිටියෙ දරු පැටියව අතට ගන්න…. ඒත්”
“මෙහෙමයි…. දැන් කරන්න දෙයක් නැහැනෙ.. හැබැයි… ආපහු දරුවෙක් හදන එක නම් ගොඩක් අවධානම්… ඔයාගෙ වයිෆ් දැන් ගොඩක් දුර්වලයි… ආපහු මේ දේ උනොත් එයා මැරෙන්න උනත් පුලුවන්..”
“හරි ඩොක්ටර්… ඒත් මං කොහොමද එයාට කියන්නෙ… මටත් වඩා එයයි දරුවෙක්ට ආසාවෙන් ඉන්නෙ…”
“හොදම දේ දැන් දරුවෙක්ව අරන් හදාගන්න එක… ඒත් වයිෆ්ට ආපහු දරුවෙක්ව දරන්න බැරිවෙයි කොහොමටවත්…”
“හරි ඩොක්ටර්… මං යන්නම්… වයිෆ්ට තව කොච්චර කල් ඉන්න වෙයිද…?”
“දවස් දෙකකින් යන්න පුලුවන්… වයිෆ්ට කතා කරලා යන්න…”
“හොදයි ඩොක්ටර්…”
හිතේ දුක් කන්දක් තියාගෙන මං ආවෙ මට එයාගෙ මූණවත් බලන්න බැරි තරම් දුකකින්… ඒත් එයා ඇහුවොත් මං මොකද කියන්නෙ…?
“මහත්තයෝ… ඩොක්ටර් මොකද කීවෙ…”
“ආ… මේ… ඩොක්ටර් කීවා දවස් දෙකකින් ගෙදර යන්න පුළුවන් කියලා නෝනෙ… ඔයා පරෙස්සමට ඉන්න… මං ගිහින් නංගිව එවන්නම්…. අරං යන්න තියෙන බඩු ටික කෝ…”
“ආ මෙන්න… අපිට කවදා හරි දරු පැටියෙක්ගෙ මූණ බලන්න ලැබෙයි මහත්තයෝ… දුක් වෙන්න එපා… මට පුළුවන් හැමදේම දරාගන්න…”
“මම ගිහින් එන්නම්…. උම්මා…”
එයාගෙ නළල ඉඹලා මම රෝහලෙන් එළියට ආවා… මගෙ හිත ගියේ අතීතයට… අතීතය සිහිවෙද්දි ඇඟට හීන්දාඩිය දැම්මා….
#############
“මහත්තයා. මේ වැඩේ කොහොම හරි කරලා දෙන්න… ඉල්ලන ගාණක් දෙන්නම්… දන්නවනෙ… කවුරුත් දැනගන්නෙ නැහැ… ඒත් මේකෙන් මට කොහොමහරි ගැලවෙන්නයි ඕනි…”
මැදිවියේ කෙනෙක් ඇවිත් මට රුපියල් 5000ක් දික් කරද්දි 38වෙනි ඉල්ලීමටත් මං කැමති උනා.. හැබැයි සල්ලි වලට… තනිකඩයා නිසා මොන එකකට බය වෙන්නද කියලා මගෙ හිත හැම වෙලේම කීවා…
“මේකයි… 5000කට නම් කරන්න අමාරුයි… අලුත්ම බඩු වලින් කරන්නෙ… ඒ නිසා 10ක්වත් ඕනි… දන්නවනෙ අද කාලෙ… නැත්තම් ඉතිං 20ක් විතර දීලා වෙන තැනකින් කරගන්න…”
මම එහෙම කීවෙ සල්ලි වලට මගෙ ඇස් අන්ධ වෙලා තිබුණ නිසා…
“හරි මහත්තයා… මං එයාව එක්කන් එන්නම්…. මේ වගක් කියන්න ඕනි නැහැ… සිහි නැති කරලා වැඩේ කරන්න…”
“හා. ඇතුලට අරන් එන්න…”
ඒ මනුස්සයා එක්කන් ආපු කෙල්ලව ඇඳෙන් හාන්සි කරපු මම සිහි නැති වෙන්න බෙහෙතක් විද්දා…. එතනින් එහාට උනේ හැමදේම මගෙ දැනුමට…
ඔව්…. #කෑල්ලෙන් කෑල්ල කලලය කතුරු තුඩෙන් එලියට ගත්තා…
මට නම් ඒක මහ දෙයක් නෙවෙයි… මස් කැදලි ටික එහෙම්මම කුණු කූඩෙට දැම්මා… මොකට බය වෙන්නද… ඔයිට කලින් කීපාරක් නම් කරලා ඇත්ද… ටික වෙලාවකින් කෙල්ලට සිහිය ආවා…. කෙල්ල ලොකු වේදනාවකින් කෑගැහුවා…. වුනේ මොකද්ද කියලා කෙල්ලට තේරුම් යන්න වැඩි වෙලා ගියෙ නෑ…
කෙල්ල යකින්නක් වගේ අර මනුස්සයගෙ ඇඟට කඩා පැන්නා…
“මොනවද මිනිහෝ මට මේ කලේ….?”
ඊටපස්සෙ මගෙ ෂර්ට් කොලර් එකෙන් අල්ලපු ඇය
“සාප වෙනවා මිනිහෝ… සාප වෙනවා… මගෙ දරුවව මට නැති කරපු උඹට සාපවෙනවා…. උඹටත් දවසක තේරෙයි මේ වේදනාව මොකද්ද කියලා…. සාප වෙයන්…”
කියමින් යටිගිරියෙන් හඬාවැටෙද්දි මං ඒ කිසිවක් තුට්ටුවකටවත් මායිම් නොකර දවසේ වැඩ හමාර කරමින් යාමට සැරසුනෙමි..
################
“කරන කලට පව් මීරිය මී සේ
විඳින කලට දුක් ඇවිලෙයි ගිනි සේ”
පව් කරන්න කලින් දෙපාරක් හිතන්න පිංවතුනි…. මේ ආත්මෙ කරන පව් වලින් අපි කාටවත් ගැලවෙන්න බැරි බව හොදින් සිහියේ තබාගන්න. ඔබ කරගන්නා පව් දිට්ඨධම්ම වේදනීය ලෙස මෙලොවදීම පල දෙනවා. එයයි බුද්ධ දේශනය”
රෝහල් ගේට්ටුවේ වයසක සිකුරුටි මහත්තයගෙ පුංචි රේඩියෝවෙන් ඇහුණ ඒ පුංචි බණ පදයට මාව ගැස්සිලා යතා තත්වයට පත් වුනා….
සියල්ල සිදුවී හමාරය.
උමේෂා පතිරණ – බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය