නුඹෙ සෙනහස සුවඳ දිදී දැනුනා මට අම්මේ

සසර කතර සැරි සරමින් යන කලක
ලැබුවා උපත පින්වත් මවු කුස තුලක
දසමස් පෙරුම් පුරමින් ඇය කුස සුරැක
පිදුවා ලොවට සතුටින් ඇය රැකි මැණික
 
රතු ලේ කිරි කර පොවා නිති මා රැකි අම්මා
වැදූ මවට වඩා උතුම් දුක් විඳ හැදු අම්මා
බිහි කල මුත් මඟ දමා ගිය විට නොම වේ අම්මා
හැදුමට නිසි වෙහෙස වූ අම්මා වේ නිසි අම්මා
 
මුල් ගුරුවරිය ඔබමය මට මගෙ අම්මා
නිති මගෙ ඉගනීම වෙත ඇය සිත නම්මා
මගෙ සුරැකීම ගැන ඇය නිබඳව සිතුවා
මා දිවි මඟෙහි දෙවගන වේ මගෙ අම්මා
 
නිති මගෙ පියාණන් මට දිරි දුන් අම්මා
අපෙ දිවි සරු කරන්නට ඇය මං පෙත් තැනුවා
අපෙ කුස ගිනි නිවන්නට ඇය ගිනි තැපුවා
ඇය වැරහැලි ඇදන් අප ලස්සන කෙරුවා
 
අපෙ කැත කුණු අත ගගා අප පිවිතුරු කෙරුවා
අප ලෙඩ වු විටෙක ඇය රහසින් හැඬුවා
එනමුත් අපට දිව ඔසු සේ ළඟ සිටියා
ඇයගේ සෙනෙහෙ මහිමෙන් අප සුවකෙරුවා
 
අප අසරණ වු දිනෙක කවුරුත් හැර යන දාක
මව පමණක්ය ලඟ සිටියේ මිතුරියක ලෙස
නැති බැරි උවත් ඇය මාගේ මුර දෙවඟනය
මවගේ සවිය කුමකට කල හැකිද? සම
 

ඉෂාරා සෙව්වන්දි – බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *