වසංගත රෝගයක් උදාකල වසන්තය

නුහුරු නුපුරුදු වසංගතයක් පෙර දිනක අප රටට පැමිණුනා
වසංගත රෝගයෙන් අපසැම සුරකින්න සුව විරුවෝ පැමිණුනා
ලොකු කුඩා සැමදෙනා නිහඬව තමන්ගේ නිවසටම කොටුවුණා
මේ කොරෝනා ලෙඩෙන් බේරිලා හොඳ සිරිත් අප සැමට හුරුවුණා
 
වසංගත වයිරසේ පෙනහලු තුළට නෝයෙනා ලෙසට සැරසුණා
ඒ නමින් අපි හැමගේ මුහුණට මුඛ්වාඩමක් මුවේ පැළඳුනා
කෑම කන මොහොතෙදී තම අත් නොසේදුව අයත් සේදුවා
බස් එකේ දුම් රියේ තෙරපිලා ගිය අයත් මීටරේ රැකුණා
 
හැමදේම මුදලටම ගන්නට  හුරු අයත් වවන්නටම පෙළඹුණා
සුරලෝකේ සැප මැවූ මන්දිරෙත් සරලවම දින ගෙවුණා
නැතිබැරි කෙනාටත් ඇතිහැකිඅය යමක් දෙන්නටත් හුරුවුණා
වසංගතයෙන් නැතිවුණු මිනිස්කම් වැඩිපුරම මතුවෙලා පෙනුණා
 
සිප වැළඳ අතට අතදීම් නැවති සිහල සිරිත් මතුවී පෙනුණා
අපේ පෙර සිරිත ලෝකයට පෙන්වන්න කාලයක් පැමිණුනා
ආයුබෝවන්කියා දෙ අත් යුග එකතුවී සැම පිළිගැනුණා
වසංගතයෙන් නැතිව වීගිය වසන්තය යලි ලකට පැමිනුණා
 
වසංගතයෙන් ලද වසංතය අපි සැවොම හිස උඩින් පිළිගමු
දී තිබෙන හොඳ සිරිත් නිසි ලෙස හැමදාම හැමදෙනා සුරකිමු
ලෝකයම ගිලගත්තු කොරෝනාවෙන් අපද බේරෙමු
ලැබු අභියෝග හැම එකතුව එකට ඉඳ වසංතය කරවමු
 

පත්මා රංජනි – බ්‍රැන්ඩික්ස් රත්මලාන ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *