මළ හිරු බැසයයි
වෙරළ නිහඬයි
සයුර රළ පිට රළ නංවයි
මමද නිහඬයි
නමුදු මා සිතිවිලි කැළඹෙයි
සිහින් මඳ නළ මා ගත වෙලෙයි
සීතලට මා දෑත පැටලෙයි
මතකයට නැඟෙයි
පෙර දින අතහැර දමා ඇති බව
දෙනෙතම තෙමෙයි
නැඟෙමින් උණු කඳුළු කැට
හඬන්නට මට සිතෙයි
කෑගසමින් ලොවට ඇසෙන්නට
නමුදු චකිතයකි මා තුළ
සිනාසේවිදෝ මිනිසුන්
කියා මට
ඉවසමි සියලු ගැරහුම් මම
දැඩිව එන ලෙස
අන් කිසිවක් නිසා නොව
ඔබෙන් ලද අමිල තිළිණය
මා කුසෙහි මෝරන නිසා පමණක්ම
සුපෙම්වත…
එම්. ජී. එස්. එස්. තිලකරත්න – බ්‍රැන්ඩික්ස් සීදූව ආයතනය
– ඉදිකටු පන්හිඳ –