අම්මලාගේ දවසෙත්
මගේ අම්මා
රොටි පිච්චුවා
අම්මලාගෙ දවසෙත්
අම්මලා
බැදපු සොසේජස් කෑලි
මැදට දාලා
පාන් කෑල්ලක් දෙකට කපද්දියි,
මගේ අම්මා
පුච්චපු රොටියක් මැද්දට
ලුණු මිරිස් ඩිංගක් තියලා
මට කැව්වේ…
“රොටී හරිම රසයි”
කියලා මං කියනකොට
“ඒකට කියන්නේ අත්ගුණේ”
කියන්න
එයා නොදැන හිටියා
නෙවෙයි මගේ හිතේ
“ඒ මං කරපිංචා
දැම්ම නිසා වෙන්නැති”
එයා කීවේ එච්චරයි…
මොනවා උනත් ඒ රස
රසම රසයි
ඒ මං කිව්වේ
කරපිංචා දාපු රොටීවල
රස නොවේ…
ආර්. එම්. ඩී. රත්නායක – බ්‍රැන්ඩික්ස් සීදූව ආයතනය
– ඉදිකටු පන්හිඳ –