කතකට දිරිදෙන ඇගලුම්

කතකට දිරිදෙන ඇඟළුම්...

එකමුතු අත්වැල්
නොකැඩෙන දම්වැල්
පහනට තෙල් මෙන්
නොබිඳෙන සෙනෙහස්
 
ඉදිකටු තුඩකින්
ජීවන ඔරුවක්
පැද යමු අපි සැම
නොබිඳෙන විලසින්
 
නිමැවුණු ඇඟළුම්
හදතටත් සතුටක්
වැඩ බිම අපගේ
සුන්දර නිවසක්
 
සඳ හිරු තරු මෙන්
දිදුලන ඇඟළුම්
දිරි ඇති කතකට
නිබඳව දිරියක්
 
උපයමු රුපියල්
අවංක හදකින්
රටටම සවි දෙන
ඇඟළුම් කම්හල්
ලොවක්ම පුබුදයි
කතකගේ දෑතින්
 

එච්. ඒ. නිසංසලා නිල්මිණි – බ්‍රැන්ඩික්ස් සීදූව ආයතනය

ඉදිකටු පන්හිඳ –

Facebook