තනිකමේ ඉන්නා බොහොමයක්
දවස්වල
දැනෙනවා සකියනි පොළොව නුහුලන
පාළුව
වැඩිවෙනවද මල් මේස වට කරගෙන
පියඹලා ඇවිත් ඔය ඉඩ තියෙන හැටියට…
මල් සුවඳක් හීනියට උරලා ගත්තම
පැහැයෙන් පැහැය දිලිහෙන අරුමය
ත්‍රිල් එකක් ඇත්තටම කියලා කිව්වට
ඇල්ලට නොඇල්ලෙන අකීකරු කරුමය…
කොච්චරක් දනිතත් අපි කයි කතන්දර
එක රැයක් ආයු වළඳයි ඒ ඔක්කොම
ඉර නාවත් හෙටක් එනවා හැබෑවට
කළුවරේක උනත් යා යුතුය අප…
ජීවිතේ හරි ගොඩක් දිනුවයි කියලා හිතුවට
අඩක්වත් හරියට ඇවිල්ලා නැහැනේ අප
ප්‍රේමයෙන් රැවටිලා මිරිකිලා හිටියට
ඇත්තටම අපි දන්නේ ජීවිතේ ගැන මොනවද?
ආර්. එම්. ඩී. රත්නායක – බ්‍රැන්ඩික්ස් සීදූව ආයතනය
– ඉදිකටු පන්හිඳ –