සඳේ රශ්මි මාලාවන් විහිදෙන විට
අප නිම්හිම් නැතිව ඒ දෙස බලා හිඳියි
බුදුරැස් කඳන් විහිදී යන සේ
නෙත් අග දිලෙයි
පාට පාට කොළවලින් මුළු ගමම චමත්කාරයෙන් බබළයි
සුවඳ කැවූ මල්වලින්
අප සිත්සතන් සුවඳ කරයි
බෝපත්
මඳපවනේ නැළවෙන විට
අපේ සවන් පිනා යයි…
ඒ සුළඟේ මගේ වෙතට
ඔබේ සුවඳ – මිහිරි හඬ
මා ගතේ වෙලෙයි…
පහන් දැල්ල පවනේ නළියන තෙක්
සිනාසෙයි…
අහසේ දිලෙන තරුවලින්
ඔබේ ප්‍රාර්ථනා මට එවයි…
ඒ තරුවලට නව ජීවයක් දී
ඔබට සෙනෙහම පුදන්නේ
ඔබේ දුවයි…
වචනෙන් නොකීවද
දෑසෙන් පෙනෙන්නේ
ඔබේ ආදරයයි…
හද එලෙසමයි…
ඩී. ආර්. ජී. කේෂානි කෞෂල්‍යා – බ්‍රැන්ඩික්ස් සීදූව ආයතනය
– ඉදිකටු පන්හිඳ –