ආයතනයේ දෛනික නිෂ්පාදන ඉලක්කයන් වෙත ළඟාවීමේදී ප්‍රධාන සාධකයක් බවට පත්වන්නේ සාමාජික සාමාජිකාවන්ගේ සේවයට පැමිණීම සම්බන්ධ කාරණාවයි. සේවා අංශයේ දෛනිකව කිසිදු නිවාඩුවක් ලබා නොගෙන සියලුම සාමාජික සාමාජිකාවන් සේවයට පැමිණෙන කණ්ඩායම් සඳහා සුවිශේෂි තිළිණයක් ලබා දෙන්නට අවිස්සාවේල්ල බ්‍රැන්ඩික්ස් ආයතනය කටයුතු කර ඇත.
“බිංදු” නමින් මෙම වැඩසටහන නම් කර ඇති අතර මෙහිදී සති දෙකක් පුරාවට වැඩිම දින ගණනක් සියලුම සාමාජිකයන් සේවයට පැමිණෙන සහ කිසිදු නිවාඩුවක් ලබා නොගත් කණ්ඩායම තෝරා එහි සියලුම සාමාජිකයන්ටත් තවත් සුවිශේෂී තිළිණයක් ලබා දෙන්නට ආයතනය කටයුතු කර තිබේ. මෙම වැඩසටහනත් සමඟ ආයතනයේ සාමාජිකයන් සේවයට පැමිණීම ඉතා හොඳ මට්ටමකින් පවත්වා ගැනීමට ආයතනයට හැකියාව ලැබී ඇත. පහත දක්වා ඇත්තේ ජයග්‍රාහී කණ්ඩායමක සාමාජික සාමාජිකයන්ට එම සුවිශේෂි තිළිණ ලබාදීමේ අවස්ථාවයි.
එම අවස්ථාව සඳහා සමූහ මානව සම්පත් ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරි සුජිත් ජයසේකර, ආයතන සාමාන්‍යාධිකාරී චාමර කළුතන්ත්‍රි සහ මානව සම්පත් කළමනාකරු රුක්ෂාන් ලොකුආරච්චි යන මහත්වරු එක්ව සිටියහ.