හන්තාන අඩවියේ

හන්තාන අඩවියේ

හන්තාන අඩවියේ
හිම වැටෙන සීතලේ
කණාමැදිරි එළි අතරේ
ප්‍රේමයක් සැගවිලා…
 
දූලි කුණාටුව අතරේ
වසත් කල මිය යද්දී
ඉරි තැලුණු බිම් අස්සේ
ප්‍රේමයක් සැගවිලා…
 
වළාකුළු බර වෙද්දි
වැහි බිංදු පාවෙද්දි
හඬන වැහි බිදු අතරේ
ප්‍රේමයක් සැගවිලා…
 
එක හිතක් සැනසෙද්දි
තව හිතක් හඬවද්දි
මතක කදු මුදුන් වල
ප්‍රේමයක් සැගවිලා…
 
කෞශි – බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

 

– ඉදිකටු පන්හිඳ –

Facebook