අද වාගේම මතකයි මට ඒ දවස
හමු වෙමු අපි කීවා අද සවස
සතුටින් ඉපිලුනා ඔබ දැකුමට සිතට
වැව් තාවුල්ලට එමු කීවා ඔබ මෙමට
සවස් වෙන තුරුම තිබ්බේ ඉවසිල්ලක්
දැකුමත් ඔබව එය මට සැනසිල්ලක්
කතා කරන්නට ඔබ හා සිතුවිල්ලක්
හැඩ වී ආවේ ඔබ ආසම සැරසිල්ලක්
නෙතට නෙත හමු උන ඒ මොහොත
වෙනදා වගෙ නොවේ හිමියනි ඔබෙ මුහුණ
අසන්නට සිතුනි ඇයි ඔබ අද මෙහෙම
ඔබ කීවේ ආයිත් නෑ අපි මෙලෙස
තව කෙක් සිටී මා රකිනා ගම් පියස
විවාහ වෙයි මා ඇය සමඟින් හෙට දවස
කඩා වැටුණි ගිගුරුම් දී මගෙ හදම
අද වාගෙම මතකයි මට ඒ වචන
ආදරයත් දුන්නා මහ මෙරට වැඩිය
අගයක් නොවුනි ඔබටත් එය මතක ඇතිය
කඩා වැටුනේ සුන් බුන් වී මගේ සිතය
ඔබ සතුටින් ඇත්නම් මට එය සැපය
ඉල්ලීමක් ඇත ඔබ හට කරන්නට
විහිලුවකට ආදරයක් නොගන්නට
මෙමට ලෙසින් එපා ඈට කරන්නට
පතනෙම් ඔබ දෙපල දෙවියන් රකින්නට
ආශිර්වාද කෙරුවත් හද පත්ලෙන්ම
මගේ පැතුම නෙතට ඔබව නොදකින්න
ඇයත් සමග සතුටින් කල් ගෙවන්න
නැවතත් පතම් මා මිය යනතුරු නොදකින්න
ඉරේෂා – බ්රැන්ඩික්ස් මීරිගම ආයතනය
– ඉදිකටු පන්හිඳ –