සෙනෙහස හද බැඳගෙන
ඔබ මව්කුස පිළිසිඳගෙන
නොදුටුව ඔබේ බිළිඳු රුව
ආදරය දැඩි විය ඔබෙ සිත…
දියණියක වුවද පුත් රුවනක වුවද
කම් නැත මගේ හද වැඩෙනු මා කුස තුළ
බිහිකරනට මෙලොවට මා ඔබ
මඟ බලා හිඳිමි සෙනෙහසින්…
කොපමණ සෙනෙහස ලබා දුන්නද ඔබට
අයිතිය ඔබගෙ පියාගෙ වනු ඇත
එනමුදු කම් නැත ලද මව් සෙනෙහස
විඳගමි රිසිසේ මෙලොවට බිහිකර
එච්. ඒ. නිසංසලා නිල්මිණි – බ්‍රැන්ඩික්ස් සීදූව ආයතනය
– ඉදිකටු පන්හිඳ –