නොසිතූ නිමේශයක...

නොසිතූ නිමේෂයක සිහිවුණා යළි...

සීත සුළඟින් දැනෙන
සීත අමතක වෙන්න
ඔබ සිනාසුණු විදිය
ආයෙ මට සිහිවුණා…

රිදුම් දෙන ජීවිතය
අමතකව හිනැහෙන්න
ඔබ කියූ කතා යළි
රහසින්ම ඇසෙනවා…

බොහො කලක් මා හෙළුෑ
සුසුම් කඳුළැලි අතර
ඔබේ සිනා එළි වැටී
දිවිය පණ ලැබෙනවා…

දයාබර වී හදට
සෙනහසක් ලැබගන්න
ඔබේ සුමියුරු වදන්
යළිත් හද පතනවා…

ඩී. ආර්. ජී. කේෂානි කෞෂල්‍යා – බ්‍රැන්ඩික්ස් සීදූව ආයතනය

 

ඉදිකටු පන්හිඳ –

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *