පෙම් පුරපු බැඳීමක සුව විදින යුවලකට
පටන් ගැන්ම මෙන් අවසානයක් නොවන
බැඳීමක අතරමැද අඩුපාඩු මුල් අදින
එකෙක් දෙන හිස්තැනට තව එකෙක් රිංගන්න
වචන ටික ටික අඩුවෙද්දි
හැඟීම් උඩු හුලඟෙ පාවෙද්දි
උණුහුමට රෙදිකඩක ගුලිවෙද්දි
අනෙකාගෙ සුසුමටවත් කන් නොදී
අඩුපාඩු වැඩියෙනුත්, වෙනසකට හිත දෙද්දි
ගෑණු පිරිමි හිත්වලත් හේතු දාහක් ඉපදෙද්දි
අනියමට ලොල් වෙන්න අනෙකාගෙ අඩුපාඩු වැඩිවෙද්දි
පිට නොයන එකා ළග පතිවෘතාව උතුරාවි
උමේෂා පතිරණ – බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය
– ඉදිකටු පන්හිඳ –