සත්කාරයේ චමත්කාරය

වසර එකහමාරකට ඉහතදී බ්‍රැන්ඩික්ස් ආයතනයේ මානව සම්පත් නිලධාරිවරයෙකු ලෙස සේවයට පිවිසීම මාගේ ජීවිතයට භාග්‍යයක්ද, එහිදී සමාජ සත්කාර සම්බන්ධිකාරකවරයෙක් ලෙස කටයුතු කිරීම ජීවිතයට ප්‍රබෝධයක්ද එක් කළා. අධ්‍යාපන කටයුතු හා වෘත්තිමය කටයුතු සමග කාර්යබහුල වුණ මට කාර්යාල පරිශ්‍රයෙන් ඔබ්බට ගිය වෙනස්ම වටිනා අද්දැකීම් රාශියක් මෙමගින් මට හිමිවුණා. ඒ වගේම රැකියාවක තෘප්තිමත්භාවය වැටුපට පමණක් සීමා නොවන බවද මෙමගින් මට හොදහැටි පෙන්වා දුන්නා. සමාජ සත්කාර වැඩසටහන් මගින් සේවය ලද සාමාජික සාමාජිකාවන්ගේ සතුට, ස්තූතිවන්තභාවය හා ආදරය මගේ වැඩ කටයුතු සියල්ල සාර්ථක කර ගැනීමට ශක්තියක් වුණා. ගරු කිරීම අවංකභාවය, කණ්ඩායම් හැඟීම හා විශිෂ්ටත්වය යන සාරධර්මයන් සමඟ වෘත්තිමය කටයුතු වලින් ලැබෙන පන්නරයත් සමාජ සත්කාර කටයුතු වලින් ලද අත්දැකීමත් නිසා මා නොදැනුවත්වම පවුල තුළ හා මිතුරන් තුළ සුවිශේෂී පුද්ගලයෙකු වුණා. මට විශ්වාසයි මම විතරක් නෙවෙයි බ්‍රැන්ඩික්ස් අපි හැමෝම තුළ මේ වෙනස තිබෙනවා.

මම හදවතින්ම බ්‍රැන්ඩික්ස් මගේ ආයතනයට සුභ ප්‍රාර්ථනා කරනවා.
ස්තූතියි.

මම දුලාන් වික්‍රමාරච්චි
සමාජ සත්කාරක සම්බන්ධිකාරක නිලධාරී – බ්‍රැන්ඩික්ස් රිදීගම ෆිනිෂින් ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *