සුපෙම්පත

සුපෙම්පත

හිරු කිරණක්ව ආලෝක කරයි නුඹ…
මගේ මුළු දිවියම ප්‍රබෝධවත් කරමින්
සඳ එළියක්ව දීප්ත කරයි නුඹ…
මා විඩා වූ දෙනෙත් සෞම්‍යවත් කරමින්
විසල් තුරු වදුලක්ව සෙවණ කරයි නුඹ…
කතරක ගිමන් හරින මඳ හුස්ම පොදට
විකසිත කුසුමක්ව සුවඳ කරයි නුඹ…
ළතැවෙමින් සුසුම් ලද මා සිත් වලට
දෙ අත් පා ඇරයුම් කරයි නුඹ…
මා සන්තය නුඹ වෙතම පවර ගන්නට
දෙනෙත් ඉඟි මරයි නුඹ…
මියෙන තුරු නුඹ ළඟම රැදෙන්නට

ඊ. ඒ. නිලක්ෂිකා දිල්රුක්ෂි – බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

– ඉදිකටු පන්හිඳ –

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *