ආදරය මට පෙනුණේ
හඳ එළිය වගේ
ඒ හඳ එළියෙන්
අඳුර මකාගෙන
යන්න හැදුවා විතරයි
වැහි පොද වැටුණා…
බය වෙන්න එපා,
මං ළඟ ඉන්නවනේ…
ඔයා කිව්වා
අපිට පුංචි දුරයි
යන්න ලැබුණේ…
හයියෙන් අකුණු ගහලා
විදුලි කොටලා
මහ වැසි වැස්සා…
හොඳටෝම තෙතබරිත වෙද්දි
මං ඇහිපියා ගත්තා…
ඔයා ළඟනේ
මට සීතලක් දැනුණේ නෑ…
මං ඇහිපිය අරිද්දි
මගෙ තනියට හිටියේ
කට්ට කරුවල විතරයි…
අහසට දුක හිතිලා විදුලි කොටද්දි
ඔයා දුර යනවා
මම දැක්කා…
මේ අහන්න, මට දුකයි
ඒත් ඔයා ආපහු හැරෙන්න එපා…
ඔයා යන්න, යන්නම යන්න
මගේ ආදරේ, ලේ කඳුළු
දියවෙලා ගියාදෙන්
ඒත්,
ඔයා ආපහු එන්න එපා…
ඉන්න තැනක සතුටින් ඉන්න
මට ඒ හොඳටෝම ඇති…
ඉමේෂා දිල්හානි – බ්‍රැන්ඩික්ස් පොළොන්නරුව ආයතනය
– ඉදිකටු පන්හිඳ –