අප්පච්චි

අප්පච්චි

සෙවනැල්ල ඔබයි මා පසුපසින් ළඟ හිඳින
සඳඑළිය නුඹම වේ මගෙ ලොව එළි කරන
දිවි කතර මඟ පෙන්වු නුඹයි මුළු ශක්තියම
නැඟිටින්න අතදුන්නු නුඹයි මගෙ ලෝකයම…

හිත හයිය කරගන්න දුර යන්න මඟ දුන්න
මගෙ ලෝකෙ සැනසෙව්වේ ඔය නෙතයි හැමදාම
කඳුළු බිඳු හංගගෙන මගෙ ලොවම රජ කෙරුව
වැටෙන්නට ළඟ නොදී පසුපසින් ළඟ ඉඳිය…

පහන් වැට ඔබයි මගෙ ජීවිතය එළිය කළ
දුර යන්නේ කොහොම මම ඔබ මගේ ළඟ නැතිව
කොහොම සැනසෙන්න අප්පච්චි මම නුඹ නැතිව
වැටෙන මේ කඳුළු බිඳු පිසදැම්මේ ඔබ නේද?

සැනසෙන්න ඔබ තුරුළේ උණුහුමම මම සොයන
කවදාද ඔබ එන්නේ දිනවන්න ඔබෙ දුවව
නැඟිටින්නම් තනිව මම ඔබෙ හීනෙ එය නේද?
ආයෙමත් මතු භවේ ඔබ මගේ ළඟ ඉන්න…

ඩී. ජී. එස්. සංජීවනී – බ්‍රැන්ඩික්ස් පොළොන්නරුව ආයතනය

– ඉදිකටු පන්හිඳ –

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *