මගෙ දුවේ නුඹේ ලෝකය
මට වඩා ඉහළින් තියන්නට
දිවා රෑ නොබලා වෙහෙසවන්නේ මා
ගතේ හයියටත් වඩා
හිතේ ශක්තියටයි…
ගුණගරුක දියණියක් කරන්නට
ඉගෙනුමේ ඉහළටම යන්නට
කෙතෙක් බාධක ආවත් ඉවසන් දුවේ…
නොසැලී නොබියව ජය ලබන තෙක්
මගෙ දුවේ දැන් නුඹ තරුණියකි යස
නුඹ සොයා එයි නොයෙක් සිතිවිලි
නමුදු මගෙ පණ,
තෝරබේරා එවන් සිතුවිලි
බුද්ධියෙන් නුඹ වැඩ කරන්
උකුලු මුකුලුවෙන් ඉලන්දාරි එයි
මගෙ දුවේ නුඹ යනෙන මඟ පසුපස
රැවටෙන්නෙපා කිසිවිටෙක නුඹ…
බොරු හීන මවා පා මගෙ දුවේ
අතරමංකර දාවි නුඹෙ හිත…
එතැන නොවේ නුඹේ ජීවිතය
කිසිවකුට අත නොපා ජීවත් වන්නට
පොතපතින් සොයනු නුඹ ජීවිතය
සමාජය ගැන හොඳ සිහිකල්පනාවෙන්
හොඳ විපරමින් සිටින්නැයි ඉල්ලමි….
එසේත් නොමැති නම්
තේරුම්ගත නොහැකි වේවි මේ සමාජය
විෂමයි, කටුකයි සොඳුරුයි වගේ පෙනුණට
කල්පනාවෙන් යා යුතුමයි නුඹේ ජීවිතය
විඳවන්නියක් නොවෙන් අත්දැකීම් ගෙන…
ජීවිතයේ යථාර්ථය තේරුම් ගෙන
විඳවන්නට නොව ජීවිතේ විඳින්නට
ඉඩ හසර හදාගන්න හුරු වෙන්න
බිඳුණු දා සිත කිසිවකුට හදනු බැරි
වැටුණු දා අමාරුවේ සතුටින් සිටිනු බැරි…
මගෙ දුවේ තේරුම් අරන්
ජීවිතය ජයගත්ත බාධක හමුවේ නොසැලී
නුඹේ සුබ සිහිනයට ගොඩවෙන්න
සමාජයටම සුබ වෙන්න….
නයනා සමරකෝන් – බ්‍රැන්ඩික්ස් පොළොන්නරුව ආයතනය
– ඉදිකටු පන්හිඳ –