සතුටෙදි විතරමයි
ඔයා මගේ ලඟ හිටියේ
සිනාව…
ඇත්තමයි මුලාවක්
ලොව දකිනා
සොඳුරු සිනාව…
දුක දැනුන සිත රිදුන
සෙනෙහස විඳින
සොම්නස ලබන
සැම මොහොතෙම
ඇස් අඟට ආ
කඳුළ…
හරිම පුදුමයි මටත්
කෙසේ වෙනවද කියා
මිතුරෙකුට එහා ගිය
සබඳකම අපි අතර
තිබෙනවා නේද ප්‍රිය මිතුර ඔබ
මගෙ කඳුළ…
ආදරෙයි හැමදාම
රිදුම් දුන්නත් දෑස
සිතට සවියක් වෙමින් ලඟ උන්නු
මගෙ කඳුළ
නිරංජලා – බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනය
– ඉඳිකටු පන්හිඳ-